බකන් ගුහා (Buchan Caves ) - ඕස්ටේ්රලියා
ලොව ඉතා විරල සුන්දර ස්ථානයක් නැරඹීමට දිනූක (පුතා) 2019
පෙබරවාරි 3 දින අප රැගෙන යන ලදී. එය ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර
ගිප්ස්ලන්ඩ් හි බකන් ප්‍රදේශයේ පිහිටි රෝයල් බකන් ගුහාවයි. පොලවේ පිහිටි හුණුගල් පාෂාණ
වලින්මේවා සැදී ඇත. මේ සමගම මෙහි ආසන්නයේ ෆේයරි (Fairy cave ) නම් තවත් ගුහාවක් ඇත. එය තුල ගමන් කිරීම අසීරු කරුණක්
නිසා එහි යෑම අත්හැර දමනා ලදී. මෙය මෙල්බර්න් සිට කිලෝමීටර් 360ක දුරින් උතුරට බරව
නැගෙනහිර දිසාවෙන් පිහිටා ඇත.
මෙය ස්වභාවිකව
සැදුනු භූ පැල්මක් වන අතර භූ ගතව මෙවැනි පැලුම් ඇති බව 1887 ගණන් වලදී හඳුනා ගෙන එම ප්‍රදේශ රක්ෂිත වශයෙන් නම්කර ඇත. මෙම පැලුම් කිලෝමිටර 3 - 4 දිගට විසිරි පැවතුනත් මෙම ප්‍රදේශයේ භූ විද්‍යා සමීක්ෂණයක් කල ඇල්බර්ට් එර්නස්ට් කිට්සන් (Albert Ernest Kitson) නම් භූ විද්‍යාඥයා මෙම ප්‍රදේශය අධ්‍යාපන හා සංචාරක කටයුතු
සදහා සුදුසු බව නිර්දේශ කර ඇත. ෆරැන්ක් මුන් (Frank Moon) 1907 දී ඒ ආසන්නයේ තවත් පැලුමක් සොයාගත් අතර එය ෆේයරි (Fairy cave) නම් වේ. 1910 දී
මෙම පැලුම් වලට පිවිසීමට ෆෙඩ්රික් විල්සන් (Frederick Wilson) විසින් ගුහා විවර සාදන ලදී. 1930 වන විට පොදු ජනතාවට මෙය
නිරීක්ෂණය සදහා අවසර දෙන ලදී. ඒ අනුව මෙම පැලුම් නැරඹීමට පිවිසීමට ගුහා පිවිසුම් සකස් කර ආරක්ෂිත මාර්ග
සහ අත්වැට සදා විදුලි ආලෝකය ද සපයා ඇත. මෙම ගුහාවල නැරඹීමට ආරක්ෂිතව ගමන් කල හැකි
කොටස මීටර 500 ක් පමණ වේ. මෙම ප්‍රදේශයේ ගුනායිකුරානි (Gunaikurnai ) නම් ස්වදේශික ඇබෝරිජිනල් (aboriginal)
වරු අදටත් වාසයකරනා අතර රජය හා ඔවුන් හවුලේ ප්‍රාදේශීය කවුන්සිලයක් මගින් මෙය
පාලනය කරයි. මෙය නැරඹීම කාල සටහනකට අනුව සිදුකරනා අතර මාර්ගෝපදේශකයකු සමග 25
දෙනෙකු එක්වරක් ගුහාව තුලට රැගෙන යයි. ගුහාව තුල සෙන්ටිග්රඩ් අංශක 170
උෂ්ණත්වයක් වසර පුරාවට පවතින අතර බාහිර පරිසරයේ උෂ්ණත්වය එක් එක් සෘතු අනුව විශාල
ලෙස අඩු වැඩි වේ. ගුහාව තුලට කැමරා හැර
වෙනත් කිසිවක් රැගෙන යාමට අවසර නැත. මෙම කැල්සියම් ස්ඵටික ව්‍යුහයන් අත්වලින් ස්පර්ශ කිරීම සපුරා තහනම්
අතර, එසේ ස්පර්ශකල විට අත්වල පවතින තෙල් නිසා ස්ඵටිකීකරණය නතරවීම නිසා ව්‍යුහයන්
වර්ධනය නවතී. මොනයම් ආකාරයක බෑග් (Bag) රැගෙන
යෑම සම්පුර්ණයෙන්ම තහනම්ය. මෙම සියලු කරුණු ගුහා දොරටුවේදී පිවිසීමට පෙර අවධාරණය
කරනු ලබයි.
මෙම ප්‍රදේශයේ වාර්ෂීක
වර්ෂාපතනය මිලි මිටර 800 පමණ වන අතර සෑම මාසෙකම
මිලි මිටර 50-75 අතර ඒකාකාරී වැස්සක් ලැබේ.
මෙම ප්‍රදේශය මිට වසර මිලියන
300 – 400 පමණ පෙර මුහුදෙන් යටව පැවති ඇති අතර භූ තල තෙරපීම නිසා ඉලිප්පී ඇති බව
පැවසේ. ඉන් පසු ගොඩබිමක් වූ මෙහි පැලුම් හරහා වැසි ජලය ගලායාම මගින් විවර තුල ඇති කැල්සියම්
ලවණ දියවීයාම නිසා ඉඩකඩ සහිත කොටස් ඇතිවී ඇත. පසු කලෙක පාෂාණ ජීරණය මගින් බාහිර මතුපිට
පස ඇතිවී ශාක ගහණයක් ඇතිවී ඇත. වසර මිලියන
සිය ගණනක් මුළුල්ලේ සිදුවූ බාහිර පරිසර වෙනස්වීම් අනුව සහ මතුපිට පසේ ජලය රඳවා
ගැනීම නිසා මෙම පැලුම් තුලට ගලාගෙන එන ජලය
අඩුවී පැලුම් තුලට බිංදුවෙන් බිංදුව කාන්දුවන තත්වයක් ඇතිවී ඇත. ඉහල කැල්සික්
පාෂාණ හරහා මෙය සිදුවන නිසා කැල්සියම් ලවණ අධික සාන්ද්‍රනයෙන් සහ ශාක කොටස්
ජිරණයෙන් මුදාහරිනා අනෙකුත් රසායනික කොටස් මෙම ජලයේ අඩංගුවේ. ගුහාවේ ඉහල තලයේ සහ
පොළොවට වැටෙනා ස්ථාන වලදී ජලය වාෂ්පිබවණයෙන් මෙම ලවණ කොටස් එහි තැන්පත්වේ. මේ නිසා
වහල සිට පොලව දෙසට හිරිළඹත් (STALACTITES) පොලවේ සිට වහල දෙසට
හිරිටැඹත් (STALAGMITES) නම් කැල්සියම් ව්‍යුහයන් හටගනී.
මේවා කාලය සමග එම ස්ථානයටම ජල බිංදු පතිතවීම නිසා දිගින් සහ මහතින් වැඩිවීම
සිදුවේ. සමහර විට මෙම කොටස් එකට එකතුවී
කණු සැදීම සිදුවේ. එමෙන්ම වහලේ ආනතිය අනුව විවිධ රටාවන් මවනා අතර ජලයේ දියවී ඇති
වෙනත් ලවණ වර්ග අනුව විවිධ වර්ණ සංයෝජන
දැකිය හැක. පහත ජයාරූප මෙය වඩාත් පැහැදිළි කරයි. ආලෝකය වැටුනු විට කැල්සියම් ස්ඵටික
දිදුලන අයුරු මනස්කාන්තය.
වවුල්පනේ - ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන බුළුතොට
පිහිටි වවුල්පනේ මෙතරම් වර්ධනයක් නොවුනත්
මෙවැනිම ස්ථානයකි. 2004 වර්ෂයේ මා එහි සංචාරය කරනවිට තත්වය පහත රුප රාමු වල ඇත.
මෙම ස්ථානය ද ලොව විරල ස්ථාන අතරට වැටෙන නමුත් එය රැකගැනීමට රජය කිසිම උත්සාහයක්
ගෙන නොතිබිණ. අද තත්වය කෙලෙස දැයි මම නොදනිමි. ගම්වාසීන් මෙය රැකගැනීමට ගන්නා
උත්සාහය අගය කල යුතුය.
ලංකාවේද කැල්සික් පාෂාණ විවිධ ආකාරයට පිහිටා
ඇත. තිරිවානා, ඩොලමයිට්, හුණුගල් යන නොයෙක් ආකාරයට දැකිය හැක. මේ නිසා බාහිරට
විවරනොවූ භූ පාෂාණවල අභ්‍යන්තර පැලුම් (දෝනාවන් ) සහිත ස්ථාන තිබියහැක. මාතලේ ප්‍රදේශයේ
භුමියේ හදිසි ගිලාබැසීම් සහ නිවාස ඉරිතැලීම් වාර්තා වන්නේ මෙවැනි දෝනාවන් කඩා
වැටිමෙන්ය.
වවුල්පනේ, හුණුගල් කන්ද තුලින් ගලායන දියපහරක්
නිසා ඇතිවූ උමගක් අනුව සැදී ඇත. මෙය මාගේ මතකයට අනුව මීටර 20 පමණ දිගින් යුතුය. අඳුරු
බැවින් කිරි වවුලන් සහ කැරපොත්තන් විශාල ලෙස වාසය කරයි. අප්‍රසන්න ගණ්ධයකින් යුතුය.
2004 වසරේ මෙහි යනවිට ආලෝකය සපයාගැනීමට පෙට්‍රල් මැක්ස් ලාම්පුවක් සහිත මග පෙන්වන්නකු ගමින් සොයගන්නලදී.
කලබලවූ වවුලන්ගේ මළපහ වලින් බේරීමට හිස්වසුමක් සහ ආවරණය වූ ඇදුමක් යෝග්‍ය අතර අමතර
ඇදුමක් රැගෙනයාම වඩාත් හොදය.
මෙහි ඉහල බිත්තියේ සැදුනු හිරිළඹ (STALACTITES) පමණක් දැකිය හැක. වර්ෂා කාලවල මෙය තුලින් අධික ජල පහරක් ගලා යන
බැවින් හිරිටැඹ (STALAGMITES) දැකිය නොහැක. අධික තෙතමනය සහ වවුල් වාසය නිසා බොහෝ කොටස්
දුර්වර්ණව ඇත. එමෙන්ම දිලිර සහ පෙඳ වර්ග වර්ධනය ද ඇත.
(මෙය
2004 මතකයන් ඇසුරෙන් සකස්කරනා ලදී ඔස්ට්‍රලියාවේ බකන් ගුහාව නැරඹීමෙන් පසු ලිවීමට
සිත්විය. 2019 තත්වය වෙනස් විය හැක.)
No comments:
Post a Comment