පරිසරය සහ මිනිසා -1
1. ඇගලුම් (ඇදුම් පැළදුම්)
පරිණාම වාදයට අනුව පරිසරයට හැඩගැසිය හැකි වන්නාට ජීවිත්
වියහැකිය. මෙය සියළු ජීවින්ට පොදු වුවත් මිනිසා තමාට ඇවැසි ලෙස පරිසරය නිර්මාණය කරගත්හ.
ස්වභාවික පරිසර තත්ත්ව විවිධ රටවල වෙනස් වන අතර රට තුල ප්‍රදේශ අනුවද ස්වභාවික
පරිසර තත්ව වෙනස්වේ. නමුත් මෙම සියලු පරිසර තත්වන් යටතේ ජීවත්වීමට කාර්මීකරණයට
පෙරසිටම ශිෂ්ටත්වයට පත් මිනිසා හැඩගැසි ඇත. කාර්මිකරණයෙන් පසු ගොඩනැගිලි,
නිවාස සහ යානවාහන තුල තමාට අවශ්‍ය පරිදි පරිසර තත්ව සකස්කරගැනීමට හැකිවිය. නමුත්
මිනිසාගේ පෙර හුරුවූ පුරුදු බෙහෝ දුරට එලෙසම පවත්වා ගැනීම සිදුවී ඇති අතර සමහර
සමාජ හුරුවීම් උසස් යයි සලකා වෙනත් සමාජයන් අනුකරණයට පෙළබි ඇත.
මෙලෙස ප්‍රධාන ස්ථානය හිමිවන්නේ ඇදුම් පැළදුම් වලටය.
නිවර්තන කලාපිය බොහෝ රටවල පිරිමින් එදිනෙදා වැඩෙහි යෙදෙනා විට යට්කය වසා සැහැල්ලු රෙදිකඩක් දවටා සිටීමට හුරුවී
තිබුණු අතර උඩුකය නිරාවනයව පැවතින. මෙය විවෘත පරිසරයේ වැඩකිරීමේදී ඇතිවන දහඩිය
ඉක්මනින් වියළි, ගත සිසිල් කිරීමට උපකාරී විය. ඉන වටා දවටාගත් සැහැල්ලු රෙදි කඩින්
ද කලවා සහ ඉකිලි ප්‍රදේශ වලට හොද වාතශ්‍රයක් ලැබීම මගින් දහඩිය මගින් ඇතිවන
අපහසුතා මග ඇරිණි. ගැහැනුන් බොහෝවිට ගෘහස්තව කටයුතු කල බැවින් සැහැල්ලු රෙදි වලින්
උඩුකය හා යටිකය ආවරණය කර ගත්හ. මෙම දෙපක්‍ෂයේම ඇදුම ඇගට තද නොවූ අතර ඇග හා ඇදුම
අතරින් වාතය ගමන් කල හැකි විය.
ශිත කලාපයේ රටවල මිනිසුන් ශිත සුළගින් බේරීමට මුළු ඇගම
වැසෙන ලෙස ඇදුම ඇදී අතර උඩ ඇදුම යට ඇදුම් ලෙස එකවර ඇදුම් කිහිපයක් ඇගලීම පුරුද්දක්
ලෙස කලේය. ඊට අමතරව හිම මිදෙනා කාලවල ඝන
රෙදි (වුල්) ඇදුම් වලින් මුළු ඇගම වසා ගන්නාලදී. මේ නිසා නිවර්තන කලාපිය රටවල
මිනිසුන්ට වඩා වෙනස් ඇදුම ස්වරුපයක් ඔවුන් සතුවිය. ඇගට ඇලිපවතින ලෙසට සැකසූ මෙම
ඇදුම් වාතශ්‍රයෙන් තොරව වාත සංසරණය නොවන ලෙස සකසා තිබුණි. මේනිසා අත් සහ කකුල්
වළලු කර දක්වා වැසෙන ලෙසත් නිරාවරණය වන අත් හා පාද, අත්වැසුම් හා මේස් භාවිතයෙන්
ආවරණය කරගත්තේය. බෙල්ල කොටස වැසීමට කමිසයේ කොලරය වටා ටයි පටියක් මගින් අවශ්‍ය තදට
සකසා ගන්නා ලදී. මෙය බොහෝවිට බටහිර රට වල දැකිය හැකි විය.
හිමාලය ආශ්‍රීත රටවල හා මධ්‍යම ආසියාතික රටවල මිනිසුන්
ඝන රෙදි පොරෝණයක් ඇදුමට උඩින් ඇගලීම ඔවුන්ගේ ඇදුමේ කොටසක් විය. කදුකර ප්‍රදේශවල
කෘෂීකාර්මික හා සත්වපාලන කටයුතුවල යෙදෙන විට ඇතිවන තද ශිත සුළගින් බේරීමට මෙම ඝන රෙදි
පොරෝණය ඔවුනට මහඟු උපකාරයක් විය.
කාන්තාර වාසි ජනයාගේ ඇදුම එම පරිසරයට උච්ත ලෙස සකස් වී
තිබුනත් දැන් එය ආගමික කොටසක සංකේතාත්මක ඇදුමක් බවට පත්වී තිබේ. පරිසරයේ පවතින
අධික රශ්මියෙන් බෙරිමටත්, ඇගෙන් වැඩි ලෙස දහඩිය පිටවීම වළක්වාලීමට ඇගට නොඇලෙන
තරමක් ලිහිල්, වාතාශ්‍රය නොවන ලෙස සකස් කල ඇදුමක් භාවිතා කලෝය. හිස වසා දැමු රෙදිකඩකි තද සුළගින්
ගැලවීයාම ආරක්ෂා කිරීමට හමින් සැදු වළල්ලක් හිසෙහි දමා තිබුනි. කාන්තාර හරහා හමනා
වැලි සහිත සුළගින් ඇස ආරක්ෂාකාරීව වසා ගැනීමට හිසේ පැළදු මෙම රෙදිකඩ උපකරිවිය. කාන්තාවන්ද
මෙලෙස සම්පුර්ණයෙන් සිරුර වැසූ ඇදුම් භාවිතා කල අතර හිස් වැසුම ගෙලවටා යන පරිදි පළල්
රෙදිකඩකින් සාදා තිබුනේ වැලි කුණාටු වැනි හදිසි අවස්ථාවල දරුවන්ගේ ආරක්ෂාවට දෙඅත්
නිදහසේ තබාගැනීමට පහසුවීම පිණිසය. පසුකාලීනව මෙම ඇදුමට ආගමික මතවාදයන් එකතුවීම
නිසා විවිධ රටවල ආගමික නිකායන් අනුව වෙනස්වීම් වලට යොමුවී ඇත.
No comments:
Post a Comment