මානවයා බිහි වීමෙන් පසු මානව ශිෂ්ටාචාරයේ
විවිධ යුග පසු කල බව දැක්වේ. මෙහි දී පිළිවෙළින් මෙම යුග: ගල් යුගය, දඩයම් යුගය, එඩේර
යුගය, කෘෂිකාර්මික හා කාර්මික යුග ලෙස හඳුන්වා දී
ඇත. ශ්‍රී ලංකාවේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භය කුමන යුගයක ඇති වී දැයි තීරණය
පුරාවිද්‍යා විශාරදයන් ගේ පර්යේෂණ තුලින් තහවුරු කිරීමට ඉඩ තබමි. නමුත් දඩයම් යුගයටත්
පෙර සිට ශ්‍රී ලංකාවේ මානව ශිෂ්ටාචාරය
පැවති බව යම් සාධක හමු වී ඇති බව සඳහන් වේ.
එඩේර
යුගයෙන් කෘෂිකාර්මික යුගයට මිනිසා ප්‍රවිෂ්ට
වන්නේ පරිසරයෙන් ඔහු ලබාගත් ධාන්‍යමය ආහාර
(කාබෝහයිඩ්රේට ආහාර ) ජනගහනයට ප්‍රමාණවත් නො වූ බැවිනි. මේ වන විට මොළයේ වර්ධනය
දියුණු තත්වයක පැවති අතර දියුණු ස්මරණ ශක්තියක්, පරිසරය සහ එහි ගැටළු හඳුනා ගෙන ඒවා
විශ්ලේෂණය කිරීමේ හැකියාව ද ඔහු සතු විය. මේ නිසා ස්වාභාවික පරිසරයේ ධාන්‍ය වර්ග පැලවෙන
අයුරු සහ ඒ සඳහා අවශ්‍ය පසුබිමත් නිරීක්ෂණ කිරීමෙන් වටහා ගෙන තිබිණ. මෙම නිරීක්ෂණ වඩාත්
තහවුරු කල සාධකය වන්නේ ආහාර සඳහා දුරින් රැස් කර ගෙනෙනා ධාන්‍ය වැසි කාල සීමාවේ දී වාසස්ථාන ආසන්නයේ පැල වීමයි. මේ මගින් යෝග්‍ය කාල සීමාවෙ දී බීජ ඉසීමෙන්
වාසස්ථාන ආසන්නයේ ආහාර නිපදවා ගත හැකි බව
තේරුම් ගත්හ. මෙය කෘෂිකාර්මික යුගයේ ආරම්භය විය.
මෙවැනි
ම දියුණුවක් ලොව අනෙකුත් මානව ශිෂ්ටාචාර තුල ද සිදු වී තිබෙනා බව එම රටවල පුරා
විද්‍යාත්මක සොයා ගැනීම් මගින් සනාථ කර තිබේ. නමුත් මේවා අතර සමානතා මෙන් ම බොහෝ
විෂමතා ද පවතී. මෙයට හේතු වී ඇත්තේ එම රට
වල භූ ගෝලිය පිහිටීම, කාලගුණික සහ පාංශු යන පරිසරාත්මක සාධක වල බලපෑමයි. මේ නිසා එම මානව ශිෂ්ටාචාරයන් ඒ
රට වලට සුවිශේෂී වී ඇත.
මෙලෙස ම මෙම මානවයා කාලගුණය සහ පරිසරයේ
සිදු වන වෙනස් වීම් මෙන් ම ජලයේ පවතින සුවිශේෂී ගති ලක්ෂණ ද නිරීක්ෂණ මගින් වටහා ගෙන
තිබුණි. මෙම නිරීක්ෂණ එක් පුද්ගලයෙකු එක්
පරම්පරාවක් තුල සිදු කළ ඒවා නොව පරම්පරා ගණනක් තුල දැනුම ලබා දීම මගින් රැස් කර ගත්
ඒවා විය හැක. මෙම නිගමනයත් අත්විඳීමට ඔවුන්
කිහිප වරක් වගා කිරීම් සිදු කලා විය හැක. සමහර අවස්ථාවල දී සාර්ථක අස්වනු ලැබුවත්
බොහෝ අවස්ථා අසාර්ථක වන්නට ඇත. මෙම අසාර්ථක බවට හේත් වූ කරුණු සාමූහික සාකච්ඡා
මගින් විශ්ලේෂණය කරන්නට ඇත. ඒ මගින් පහත නිගමන යන්ට පැමිණෙන්නට ඇත.
එනම්:
ජලය නිරන්තරයෙන් උස් ස්ථානයක සිට පහත් ස්ථානයකට
ගලා යන බව.
බීජ පැල වන්නේ පසට ජලය ලැබීමෙන් පසු බව.
පසේ
තෙතමනය පවතින විට පැළෑටි වැඩි කලක් ජිවත් වන බව.
පැළෑටි
වියළි මියයන්නේ ජලය හිඟ වීමෙන් බව.
පසේ
ජලය කාලය සමග ඉවත් වී වියළි යන බව.
සමහර
ධාන්‍ය පැළෑටි වර්ධනය සඳහා පස හොඳින් තෙත් වී තිබිය යුතු බවත් සමහර ධාන්‍ය පැළෑටි වර්ධනයට තෙතමනය එතරම් අවශ්‍ය
නොවන බවත්.
ජල මාර්ග අසල ප්‍රදේශ මෙලෙස වගා කටයුතු
සඳහා යොදා ගෙන එම ස්ථානයෙන් ජලය ලබාගැනීමට
උත්සාහ කරන්නට ඇත. නමුත් සම මට්ටමේ බිම පවතින විට ජලය ගලා නො යන බව වටහා ගැනීමෙන්
ජල මාර්ගයේ උස් මට්ටමකින් පසේ ලී කැබැල්ලකින් කාණුවක් සැකසීමෙන් ජලය ලබා ගන්න ඇත. මෙය
මෙරට වාරි ඉතිහාසයේ ආරම්භක පියවර ලෙස සටහන් කල හැක.
මෙම ලිපිය කොටස් වශයෙන් පල කෙරේ. ඔබගේ
අදහස් විවේචන මා දිරි ගැන්වීමක් ලෙස සතුටින්
පිළිගනිමි.
1 comment:
Great work, keep up the good work!
Post a Comment