සීගිරිය - ඔබ නොදකින චිත්‍රය II
ලිපියෙන් මා කරුණු කිහිපයක් සමාජගත කිරීමට
බලාපොරොත්තු විය. එය කොතෙක් දුරට සාර්ථකවීදැයි ඔබගේ අදහස් පළකිරීම මගින් මැනීම එක්
බලාපොරොත්තුවකි. තවත් කරුණක් ලෙස කාශ්‍යප රජු සීගිරි ගල තරණය කල ආකාරයයි. මාගේ මතය
මෙහි දක්වා ඇත. අප සමාජයේ ඒ සදහා විවිධ මත පවති. රවණා රජුට මෙන් දඩුමොනරයක් පැවති
බව, ගල
මැදින් පියගැට පෙළක් කපා ඇති බව ආදී වශයෙන් තවත් මත රාශියකි.මේ එක මතයකවත් කරුණු
සාධක අනුව තහවුරු කර නැත. ඉතිහාස ගත කරුණු අනුව සීගිරිය කදුගැටයක් ලෙස අදට වසර
1505 කට පෙර පවතින්නට ඇතයි මම සිතමි.
1978
සුළි සුළග සහ දඹුලු ගල පිළිබදව මාගේ
ලිපියේ සදහන් කර ඇත. එම සුළි සුළගට පෙර දඹුලු ගලවසා පැවති සුළු කැලය සහ තණකොළ සහිත පස් තට්ටුව
සම්පුර්ණයෙන් ගැලවී ගොස් පුද්ගලයකු හිස කෙස් කපා තට්ටය ගා ඇති පෙනුමට සමාන ලෙස ඈතට
පෙනුනි. එම දර්ශනය
ද මෙම ලිපිය ලිවීමට පිටුවහලක් විය.
අනෙක් කරුණ ජාතික වශයෙන් අප මුහුණපා ඇති පස
සෝදායාමේ තර්ජනය ඉස්මතු කිරීමයි. අද මෙහි
ඇති තර්ජනය, අදාළ වෘත්තීන් වල කිසිම
බලධාරියකුට නොපෙනේ. ඉංග්‍රීසින් ලංකාවේ වාණිජ වගාවන් ආරම්බය සමග පාංශු සංරක්ෂණ
විධිවිධාන අනිවාර්ය කරනා ලදී. මේ නිසා කෝපි සහ තේ වගාවන් වල සමෝච්ච ගල්වැටි සහ සෝදායාම
වැළැක්වීමටත්, ගල්
ආවරණ සහිත බෑවුම් කානු වැනි ආරක්‍ෂිත උපක්‍රම අනිවාර්ය කරනා ලදී. දළ බෑවුම 60% ට වඩා වැඩි භුමි සංවර්ධනය නොකොට
රක්ෂිත ලෙස පවත්වාගෙන යායුතු බවට නීතියේ සදහන් වේ. ලංකා රජය විසින් ජනසතු කිරීමට
පෙර එම වතුවල මෙම තත්වයන් හොදින් නඩත්තු කරනා ලදී. පසුව කම්කරු ශ්‍රමය අඩුකර ලාභය
වැඩි කර පෙන්වීමට ගත් උත්සාහයේ දී මෙම අංශයන් භුමි කළමනාකරණයෙන් ඉවත් විය. එහි ප්‍රතිපලය
ලෙස වසර කීපයක් ගතවීමේදී පස සෝදා ගොස්
නිසරු තත්වයන් මතුවීම නිසා අස්වනු අඩුවී අත්හැර දමනා ලද වතු බොහොමයක් ඇත. මීට
අමතරව තේ වතුවල සෙවන සදහාත් පස බැද තබා ස්ථාවර කිරීමටත් පවත්වාගෙන ගිය විශාල ගස්
කපා දර වලට විකුණා ආදායම් ලබාගැනීම නිසා බෙලිහුල්ඔය, හල්දුමුල්ල, ඇල්ල
වැනි ප්‍රදේශ වල මෑත කාලයේ නායයාම් වැඩිවශයෙන් සිදුවිය.