මාගේ දැනීමට අනුව උමා ඔය ව්‍යාපෘතිය
පිළිබඳ අන්තර් ජාලයේ පවතින තොරතුරු ආශ්‍රිත විමසුමක දී මෙම ව්‍යසනයට මුල් වන්නේ
උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ නියමාකාර අධ්‍යනය කර ව්‍යාපෘතිය සැලසුම් කරණය නො කිරීමයි.
ශ්‍රී ලංකාවේ මහවැලි ද්‍රෝණියේ ජල විදුලි
උත්පාදන විභවයන් හඳුනා ගැනීමේ අධ්‍යනයක් එක්සත් ජනපද මෙහෙයුම් කණ්ඩායමක් සහ කැනේඩියන්
හන්ටින් සමාගම 1959 දී සිදු කර ඇත. UNDP /
FAO 1968-69 සිදු කළ මහවැලි ප්‍රමුඛ සැලසුම් සම්පාදනයේ දීත් උමා ඔය කුඩා ජල විදුලි
බලාගාර 2 ක් යෝජනා වී ඇති අතර මහවැලි ද්‍රෝණිය තුලින් ජලය පිටතට ගෙන යාමක් මෙහි
නැත. 1988-89 කාල සීමාවේ ජර්මානු ලහමර්
අන්තර්ජාතික සමගම ලංකා විදුලිබල මණ්ඩලය සදහා සක්‍යතා අධ්‍යනයක් සිදු කරමින් අදියර 3 යුතු උමා ඔය සංවර්ධනයක්
යෝජනා කර ඇත. පසුව නැවත විමර්ශනයකින් මෙය අදියර 2න් යෝජනා කර ඇත.
මෙම සියලු යෝජනා මහවැලි ජලය එම ජල ද්‍රෝණිය තුල ම භාවිතා කිරීමට සැලසුම් කර
ඇත. 1978 සිදු කළ කඩිනම් මහවැලි සංවර්ධන
වැඩ පිළිවෙල මගින් උතුරු මැද සංවර්ධන මහවැලි ජලය මගින් ඉලක්ක කළත් මොණරාගල සහ හම්බන්තොට ආසන්න ම දිස්ත්‍රික්ක වලට
නො ලැබුණි. 1991 දි මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය (CECB) සකස් කල සැලසුමකට
අනුව ප්‍රථම වරට අන්තර් ද්‍රෝණි ජල හැරවුමක් මගින් මහවැලි ද්‍රෝණියේ ජලය කිරිදිඔය
ද්‍රෝණියට හැරවීම යෝජනා කර ඇත. වර්ෂ 2000 දි SNC Lavalin Inc. (Canada)
සවිස්තරාත්මකව අධ්‍යනයක් මගින් මෙය අනුමත කර ඇත. මේ අනුව ජල විදුලිය 312 GWh වාර්ෂිකව නිපදවීමට මෙගාවොට් 90 ක විදුලි
බලාගාරයක් සහ හෙක්ටයාර 5000 ඉඩම් සදහා වාරි ජලය ලබා දීමට යෝජනා කර ඇත. රටේ පැවති
වාර්ගික ත්‍රස්තවාදය නිසා ඇතිවූ ආර්ථික අර්බුදයෙන් මෙම සියලු යෝජනා යටපත් වී ඇත.
ලංකාවේ ජනගහනය ඉතා අඩු දිස්ත්‍රික්ක
වන්නේ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයි.
මෙයට ප්‍රධාන හේතුව වන්නේ මෙම දිස්ත්‍රික්ක වල පානය සදහා සුදුසු ජලය නොමැති වීම ය.
මෙම කරුණ නො සලකා ආරම්භ කල හම්බන්තොට
දැවැන්ත සංවර්ධනයට පිරිසිදු පානිය ජලය අත්‍යවශ්‍ය. මේ සදහා නිල්වලා ගඟ
හම්බන්තොටට හැරවිය හැකිදයි සොයා බැලූ අතර කළුගග ජලාශයක් රත්නපුර ආසන්නයේ සදා
රක්වාන ඔයට ජලය යෙදීමෙන් වලව ගඟ පෝෂණය
කර උඩවලව ජලාශය හරහා ජලය ලබා ගැනීමට හැකියාව විමර්ෂණය කරනා ලදී. අධික ජනගහනයක්
සහිත ප්‍රදේශ මෙම යෝජනා දෙකට ම යට වන බැවින් ඒවා අත්හැර දැමීමට සිදු විය. මේ නිසා යටපත්
ව තිබූ උමා ඔය ව්‍යාපෘතිය නැවත කරළියට පැමිණියේ ය.
ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භයට ප්‍රථම ශක්‍යතා අධ්‍යනයක් සිදුකර මුලික අවබෝධයක් ලබාගන්නා අතර
ඉන්පසු විශේෂිත කරුණු සම්බන්ධ ව සවිස්තරාත්මකව අධ්‍යනයක් වැඩිදුරටත් කරණු ලැබේ. මහාචාර්ය
විතානගේ මහතා 1969 දී ලංකාවේ පාෂාණ සම්බන්දව ප්‍රකාශයට පත්කොට ඇති පර්යේෂණ වාර්තාව
අනුව මෙම ප්‍රදේශයේ අඩු සවිමත් හා පැලීම්
සහිත පාෂාණයන් සහිත බව දක්වා ඇත. මෙම වාර්තා නිසි අධ්‍යනයක් කලේ නම් මෙවැනි ව්‍යසනයක්
සිදු නො වනු ඇත. 1970 දශකයේ කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ
මෙතරම් දිග නොවූවත් මෙවැනි උමං 3 ක් ඉදිකර ඇත. ඉතාමත් මෑතක දී කොත්මලේ ව්‍යාපෘතිය
යටතේ ද උමඟක් කැණ ඇත. මෙවැනි ගැටළු ඇතිවී නැත. පාෂාණ සැලකීමේ දී විවිධ කොටස් වෙනස්
ගුණාංගයන් ගෙන් යුතු වේ. කැණීම් අවස්ථාවට ප්‍රථම මෙවැනි ස්ථාන හඳුනා ඊට
පිළියම් යෙදීමේ තාක්ෂණය ලොව පවතී. ඉතා දිගු භූගත දුම්රිය සහ මහාමාර්ග පද්ධති ලොව පුරා
පවතී. මේවා සෑදීමේ දී උමං මාර්ගයේ පවතින ඝන පාෂාණයේ පැලුම් හා දුර්වල ස්ථාන හඳුනා ගෙන
කොන්ක්‍රීට් ආස්තරණ කරුණු ලබයි. මෙම උමා
ඔය ව්‍යාපෘතියේ දී එම ස්ථාන නිසියාකාරව හඳුනා
ගෙන නොමැතිව උමඟ කැණීම නිසා ඊට ඉහළින් ඇති භුමියේ ඇති භූගත ජලය සමග පස් උමඟ තුලට
කාන්දුවීම් සිදු වී ඇත. මේ නිසා ළිං සිදීයාම් සහ භුමියේ ගිලා බැසීම් ඇති වේ. භූගත
ජලය නො මැති වීමෙන් පොළොවේ දැඩි බව අඩුවේ. මේ නිසා නිවාස ගොඩනැගිලි ඉරි තලා බිදී යයි.
ජලය සම්පුර්ණයෙන් බැස ගිය පසු එම ස්ථාන පිළියම්
කිරීමෙන් නැවත සාමාන්‍ය තත්වයට භූගත ජලය පත්වීම ක්‍ෂණිකව සිදු නොවේ. මෙයට ප්‍රදේශයේ වර්ෂාපතනය භූගත ජල පැතිරුමේ
විශාලත්වය වැනි සාධක නිසා වසර කීපයක් ගත වේ.
මෙම කාලය ගලාගිය ජල ප්‍රමාණය පහත
ආකාරයට පසුපසට ගණනය කිරීම මගින් අනුමාන කල හැක.
ගලා යන ජල ප්‍රමාණය මාධ්‍ය වාර්තා අනුව: විවිධ මාධ්‍ය 1600 l/sec
රජයේ
800 l/sec
සාමාන්‍ය 1200 l/sec මෙම සිග්‍රතාවයෙන්
ජලය ගලා යාමේ දී දිනකට ඉවත් වන ජල ප්‍රමාණය
103,680,000 ලීටර
මෙය ඝන මීටර බවට පත් කල විට 103680 දිනකට ඝන මීටර ගලා යයි.
මාසය කදී ගලා යන ජල ප්‍රමාණය 3,110,400 ඝන මීටර
මාධ්‍ය වාර්තා අනුව මෙලෙස මාස 2 ක කාලයක් දැනට ජලය ගලායමින් පවතී.
මේ අනුව දැනට ඉවත් වී ඇති මුළු ජල ප්‍රමාණය
6220800 ඝන මීටර
මෙය කදූ බෑවුම් සහිත භුමි ප්‍රදේශයක්
බැවින් භූගත ජල මට්ටම විවිධ ස්ථාන වල වෙනස් වේ. සමස්තයක් ලෙස ගත් විට පොළොවේ මීටර්
3ක් ( අඩි 9ක් පමණ) උසට භූගත ජලය පවතියි සැලකුව විට මෙම ජල ප්‍රමාණය පැතිරී ඇති
භුමි ප්‍රමාණය සොයාගත හැක.
එය වර්ග මීටර 2,073,600 වේ.
මෙම උමං මාර්ගය දෙපස වර්ෂාපතන මිනුම්
ස්ථාන 3 ක් ඇත. ඩයරබා තේ වත්ත, බණ්ඩාරවෙල කාලගුණ මිනුම් මධ්‍යස්ථානය සහ ඇල්ල
කින්නලින් තේ වත්ත යන ස්ථානයි.
මෙම ස්ථාන තුනේ ම වාර්ෂික වර්ෂාපතනයේ
සාමාන්‍යය අගය මිලි මීටර 1667 කි.
මෙය මීටර් උසක් බවට පත් කිරීමේ දී වර්ෂයකට
මීටර 1.7 පමණ වේ. වර්ෂාවෙන් 40% පමණක්
භූගත ජලය එකතුවෙයි. ( සමහර ප්‍රදේශ වල මෙම අගය 5% . වඩා සාධාරණ ලෙස මෙහි දී 40% ලෙස සලකා ඇත.) වර්ෂාවෙන් භූගත ජල
දායකත්වය මේ නිසා 1.7 x 40% = 0.67 මීටර වර්ෂයකට.
මෙම අගය ජලය ඉවත් වී ඇති භුමි ප්‍රමාණයන් ගුණ කල විට වර්ෂයකට එම ප්‍රදේශයට
වර්ෂාවෙන් ලැබෙනා ජල පරිමාව වර්ෂයකට ඝන මීටර 1382344 ලෙස ලැබේ.
මේ නිසා දැනට ඉවත් වී ඇති ජල ප්‍රමාණය ලැබීමට ගත
වන කාලය 6220800 / 1382344
= 4.5 වසර වේ.
භූගත ජලය නොමැති වීමෙන් ඉක්මනින් ම විනාශ
වන්නේ පරිසරයේ පවතින ගස්කොලන්ය. මේ සම්බන්ධව කිසිම විද්වතෙක් මේ දක්වා කතා කරන්නේ
නැත.
මැද රට අන්තර් කාලගුණික කලාපයට අයත් වන සුන්දර
බණ්ඩාරවෙල බදුල්ල හා හපුතලේ පරිසරයට මේ මගින් වන හානිය අති මහත් ය. නිසි පිළියම්
නො පමාව සිදු නො කළ හොත් බහු වාර්ෂික ශාක මැරීයාම සිදුවිය හැක.
අන්තර් ජාලයේ පවතින තොරතුරු අනුව උමා ඔය ව්‍යාපෘතිය
පිළිබඳ භූ විද්‍යා තොරතුරු විශ්ලේෂණ කණ්ඩායමක් පත්කොට ඇත. ඔවුන් මෙන්ම මේ සම්බන්ධව භූ විද්‍යා හා පතල් කාර්යාංශයට සහ මධ්‍යම
ඉංජිනේරු උපදේශක කාර්යාංශයට වගකීමෙන් මිදිය නො හැක. ඔවුන් මේ දක්වා මුනිවත රකී.
මහජනයාට කරුණු පැහැදිලි කිරීම මේ සියලු දෙනාගේ වගකීමකි.