මෙම ලිපි පෙළ සැකසීම සඳහා කරුණු සෙවීමේ
දී මුල් යුගයේ ( අදින් අවුරුදු 40,000 පෙර
) කෘෂි කාර්මික පුරාවිද්‍යාත්මක තොරතුරු
කිසිවක් හමු නො විනී. එම නිසා තර්කානුකූලව
විද්‍යාත්මක කරුණු පදනම් කර ගනිමින් මෙය සැකසීමට සිදු විය. කෘෂිකාර්මික මූලාරම්භය පිළිබඳ ඔබේ විද්‍යාත්මක
මතය මේ සමග එකඟ නො වන්නේ නම් කරුණාකර කියවන්නාගේ දැන ගැනීම පිණිස එය මෙහි සටහන් තබන්නේ
නම් කෘතඥ වෙමි.
.......දෙවන කොටස හා බැදේ....
ජලයේ
ගුණාංගයන් මනාව හඳුනා ගෙන සිටි ආදිතම ශ්‍රී ලාංකිකයාට බෝග සහ පස පිළිබද වද ඒ හා
සමාන දැනුමක් තිබෙන්නට ඇත.
මුලින් ස්වාභාවික ජල මාර්ගයක ඉවුරේ වගා බිම දෙසට ඇති කරනා ලද විවරයක්
සම්බන්ධ කාණුවක් මගින් ජලය හැරවූ ඔවුන් එම විවරය ඇරීම වැසීම මගින් අවශ්‍ය ජල ප්‍රමාණය
පාලනය කරන්නට ඇත. මේ මගින් එක් එක් බෝගයන්ට
අවශ්‍ය වන ජලය ප්‍රමාණය හා යෝග්‍ය කාල වකවානු පිළිබදව නිරීක්ෂණයන් පරම්පරා කීපයක්
තුල අත්හදා බැලීමෙන් ස්ථිර කර ගන්නට ඇත. මේ සමගම වී බෝගය ජලජ පරිසරයකත්, කුරක්කන් මිනේරි බඩ ඉරිඟු ආදි අනෙකුත් ධාන්‍ය
වර්ග ජලය රදා නො පවතින, හොඳින් ජලය බැස යන පසක සාර්ථකව වැඩෙන බවත් තේරුම් ගන්නට
ඇත.
මීට
සමගාමීව පරම්පරාවෙන් පරම්පරාවට අනෙකුත් අංශ වලින් (නිවාස සැදීම, ආහාර රටා, සංනිවේදන) ද ඉදිරියට පැමිණ තිබෙන්නට ඇත. මේ
වන විට යපස් වලින් යකඩ නිපදවා ගැනීමත් ඒ මගින් එදිනෙදා භාවිතා වන උපකරණ සැකසීම සිදු වන්නට ඇත. ආචාර්ය ගිල් ජුලිෆ් (Dr Gill Juleff) මහත්මිය ශ්‍රී ලංකාවේ සමනලවැව
ප්‍රදේශයේ එක්දහස් නමසිය අසූව දශකයේ සිදු කළ
පුරාවිද්‍යාත්මක ගවේෂණයක් මගින් ලොව මවිත කල අනාවරණයක් සිදු කළේය. එනම් ක්‍රිස්තු
පුර්ව 300 දී (අදින් වසර 2300 පමණ පෙර) ශ්‍රී ලාංකිකයා යපස් වලින් යකඩ නිපදවා
ගැනීම සදහා භාවිතා කල උදුනක් සොයා ගත්තා පමණක් නොව එය ක්‍රියාත්මක කර බැලීය. එමෙන්ම
මෙම උදුනට වඩා බොහෝ ඉපැරණි බ්‍රාහ්මීය අක්ෂර
සහිත ශිලා ලිපි බොහොමයක් ශ්‍රී ලංකාව පුරා විසිරී පවතී. මෙම ලිපි ගලේ කෙටීමට යකඩ කටු භාවිතා කරන්නට ඇත. . මේ නිසා ශ්‍රී
ලාංකිකයා ඊටත් බොහෝ කාලයක සිට යකඩ මගින් වැඩ ගන්නා හැටි දැන සිටි බව ඔප්පුවේ. අපට මෙය වැදගත් වන්නේ බොහෝ ඉපැරණි
ජල හැරවුම් ස්ථාන හොදින් ඔපමට්ටම් කර එකිනෙකට වැද්දුව කළු ගල් යොදා සකස් කර තිබු
බැවිනි. මෙසේ කළු ගල් සැකසීමට යකඩ කටු
යොදා ගන්න ට ඇත.
මුලදී
බොහෝ විට ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ප්‍රදේශ වල වසර පුරා ගලා යන ජල මාර්ග ආශ්‍රිතව
වාසය කල ආදි මානවයා මා පෙර සඳහන් කල පරිදි ජනගහනය වැඩි වීම සහ ආහාර සොයා ගැනීම් සඳහා
ශ්‍රී ලංකාවේ වියළි කලාප ප්‍රදේශ වෙත සංක්‍රමණය වන්නට ඇත. මෙහි දී ඔවුන් කැලය හෙළි පෙහෙළි කර විවෘත පෙදෙස්
ඇති කර ජනාවාස පිහිට වූ අතර සාමූහික වගා භූමි පිහිට විය. මෙලෙස පවසන්නේ මෑත
ඉතිහාසයේ (1960 දශකය තෙක්) රජරට වැව් ගම්මාන වල සාමූහික වගා ක්‍රමයක් භාවිතා කල බැවිනි.
අදින්
වසර 20,000 පෙර ආදීමනවයා කෘෂිකාර්මික යුගයකට අවතීරණ වූවා නම් ඊට වසර 5000 පමණ
ගෙවුණු විට මේ පිළිබද ඔවුන් ගේ දැනුම ඉතා ඉහළ තත්වයකට වර්ධනය වී තිබෙන්නට ඇත.
මෙහි දී ඔවුන්ට බෝග, ඒවාට අවශ්‍ය
වගා පරිසරය, පස් වර්ග හා ඒවායේ ගතිගුණ, පරිසරයේ කාලගුණික රටා වන් පිළිබද හොද දැනුමක් ලබා තිබෙන්නට ඇත. කටුසර බෝග
වගාව ලෙස පැරැන්නන් හැදින්වූ කුරක්කන්, මෙනේරි, හේන් වී (ගොඩ වී), ඉදල් ඉරිගු වැනි
ධාන්‍ය ගොඩ බෝග වගාවක් ලෙස වගා කල අතර මඩ
බෝග වගාවක් ලෙස පහත් භූමි (තෙත් භූමි) වල වී වගාව කරන්නට ඇත. මෙහි දී මඩ වී වගාව
සදහා ජලය ජල මාර්ග වලින් පහත් බිම් ප්‍රදේශ වෙත හැරවූ අතර ඉඩෝර කාලසීමාව පැමිණි විට
ජලය නොමැතිව මෙම සියලු වගා වන් විනාශ වන්නට ඇත. එමෙන් ම ඉඩෝරය ආරම්භක අවදියේ ජල මාර්ග වල ගලා යන
ජලය නැති වුවත් පතුලේ වල ගැසුණු ස්ථාන වල ජලය ටික කාලයක් රැදී පවතින බව නිරීක්ෂණය
කරන්නට ඇත. මෙලෙස ගලා යන ජලය ජල මාර්ගයේ ම රැස් කර ගන්නට හැකි නම් ඉඩෝරයට පිළියමක්
බව තේරුම් ගන්නට ඇත. මෙලෙස ජල මාර්ග හරහා එහි ඇති ගල් රැස් කර බාධක ඉදි කරන්නට ඇත.
නමුත් ජලය රැස් වී බාධකය දෙ පසින් උතුරා යන්නට ඇත. මේ නිසා උස් ඉවුරු සහිත පටු
ස්ථාන තෝරා බැමි ඉදි කරන්නේ නම් ජලය රැස් කර ගත් හැකි බව වටහා ගන්නට ඇත. ගල් වැටී සෑදීමෙන් ඇල මාර්ග වලට ජලය හැරවීමට හැකි වුවත් දිගු කලක් රඳවා
ගත නො හැකි වන්නේ ගල් අතර හිඩැස් තුලින් ජලය ගලා යන බව තේරුම් ගෙන වැලි හෝ පස්
යොදා අවහිර කලත් ජල මාර්ගයේ ජලය වැඩි අවස්ථාවක ගලා යාමක දී එම වැටි සේදී යාමකට ලක් විය. මේ නිසා සේදී නො යන ලෙස වැටි සෑදීම පිළිබඳව අත්හදා
බැලීම් පරම්පරා කිහිපයක් තුල සිදු වන්නට ඇත. මෙහි දී වැලි අධික පස බැමි සෑදීමට
යෝග්‍ය නො වනා බවත්, වැලි කැට එකිනෙකට බැදී නො පවතින බැවින් ජල පහරට ඉක්මනින් සේදී
බැමි කඩා බිද වැටෙනා බවත් මැටි අධික පස යොදා බැමි බැදීමේ දී පස පාගා තද කල විට
සෝදා යාම අඩු බව තේරුම් යන්නට ඇත. මෙලෙස ප්‍රථමයෙන් කුඩා ජල මාර්ග මැටි පස් බැමි
යොදා හරස් කර ජලය රැස් කරන්නට ඇත. තද වැසි කාල වල ජල මාර්ග වල ජලය වැඩි වී මෙම
බැමි ද කැඩී යන්නට ඇත. කිහිප වරක් අත්හදා බැලීම් තුලින් ජල පහරට ඔරොත්තු දීමට හැකි
බැම්මක තිබිය යුතු ලක්ෂණ තේරුම් ගන්නට ඇත. මෙලෙස ඉතා කුඩා ජලාශ නිර්මාණය කර ගැනීමට ලැබූ
හැකියාව මගින් ඉඩෝර කාලවල ජන ජීවිතයට සහ ගෘහාශ්‍රිත සතුන් ගේ අවශ්‍යතාවයන් සපුරාලීමට
හැකි වන්නට ඇත. මැටි පසින් බඳුන් (ජලය
රැගෙන යාමට සහ රැස් කිරීමට) සැදීම, වළඳ සෑදීම් හා ඒවා පුළුස්සා ගැනීම අදින් වසර
10,000 ට පෙර සිදු කර ඇති බව පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයා ගෙන ඇත.
කිහිප දෙනෙකුගේ ශ්‍රමය යොදා ගෙන ඉතා කුඩා ජලාශ
සැදුවත් රැස් කර ගත් ජලය බැම්ම හරහා ඉවතට ගත හැකි ක්‍රමයක් නො විය. සමහර අවස්ථාවල
මෙසේ සෑදු බැමිවල යම් ස්ථාන හරහා සුළු ජල කාන්දුවීම් සිදු වෙමින් පැවැත එම ස්ථාන
වලින් බැම්මේ සිදුරක් සෑදී ජල පහරක් ජලාශයෙන් පිටතට ගලා යන්නට ඇත. මෙලෙස බැම්ම
හරහා සිදුරක් සෑදුවහොත් ජලාශයේ ජලය ඉවතට ගතහැකි බව තේරුම් ගන්නට ඇත. බොහෝ අවස්ථා
වල මෙලෙස බැම්මේ කාන්දුවීම් තිබී සිදුරු සැදී බැමි කඩා යන්නට ඇත. (මතු සම්බන්දයි )